
ගෝලීය නිරූපණ සහ අනෙකුත් භූගෝලීය තොරතුරු බැලීමට ගූගල් අර්ත් ප්‍රෝ (Google Earth Pro) මෘදුකාංගය ඔබට ඉඩ දෙයි. අදාල ලිපිනය හෝ ස්ථානය ටයිප් කර ත්‍රිමාණ අයුරින් එම ස්ථානය නැරඹීම සහ වීදි මට්ටමට විශාලනය කිරීම (ඔබට එම වීදියේ කාර් පවා දැකිය හැකි තරමට) සිදු කල හැකිය. එමෙන්ම සවිස්තරාත්මක චන්ද්‍රිකා පින්තූර සමඟ, ඔබට බැංකු, පාසල්, අවන්හල් සාප්පු සවාරි සහ තවත් බොහෝ කරුණු පෙන්වන ස්ථර සක්‍රිය කර විශාලනය කළ හැකිය. සම්මත චන්ද්‍රිකා දර්ශනයට අමතරව, නවතම ගූගල් අර්ත්හි ටිල්ට් (Tilt) පහසුකම ඇතුළත් වන අතර එමඟින් සිතියම ඉතාමත් යථාර්ථවාදී ත්‍රිමාණ දෘෂ්ටිකෝණයකින් බැලීමට ඉඩ සලසයි.
සිතියම හකුලුවා ඇති ප්‍රමාණය ගණනය, ඊ-මේල් මඟින් සිතියම් යැවීම, සිතියම් දර්ශන මුද්‍රණය කිරීම හා පුද්ගලික ස්ථාන හුවා දැක්වීම සහ තවත් බොහෝ විශේෂාංග මෙහි ඇතුළත් වේ. තවද අලුත්ම වර්ෂන් එක මඟින් ඔබට තරු, තාරකා මණ්ඩල, මන්දාකිණි සහ තවත් දේ ගවේෂණය කිරීමට ඉඩ දෙයි. මෙහි වෙබ් වර්ෂන් එකක් සහ මොබයිල් වර්ෂන් එකක්ද ඇති නමුත් ඉහත කී සියළු පහසුකම් ලබා ගත හැක්කේ ගූගල් අර්ත් ප්‍රෝ ඩෙස්ක්ටොප් මඟිනි. එහෙනම් ඔබට අවශ්‍ය වර්ෂන් එක මෙතනින් ගිහින් බාගන්න. ජය.

ඔබේ ගම/නගරය/නිවසේ වහලය පවා ත්‍රිමාන සිතියමකින් බලන්න

1.2 MB

වෙනස් පියවරකින් යූටියුබ් වලට අතගහමු

ඩෙස්ක්ටොප් ගූස් (Desktop Goose) යනු ඔබේ ඩෙස්ක්ටොප් එක වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පිස්සන් මඩුවක් කරන විහිළු සොෆ්ට්වෙයා එකකි. එය ආරම්භ වන්නේ හුරුබුහුටි කුඩා ලස්සන පාත්තයෙකුගෙනි. පසුව මෙම පාත්තයා ඔබේ ඩෙස්ක්ටොප් එක තුළ ශබ්ද නගමින් ඉබාගාතේ ඇවිද යයි. වැඩි කල් යන්නට මත්තෙන් පාත්තයා ඔබේ මවුස් පොයින්ටරය සොරකම් කිරීමට පටන් ගන්නා අතර කුඩා නෝට්පෑඩ් කවුළු ඔබේ තිරය මතට ඇදගෙනවිත් ඩෙස්ක්ටොප් එක විහිලු පණිවිඩ දුසිම් ගණනක් පුරවනු ඇත. ඕනෑවට වඩා පාත්තයා මත ක්ලික් කිරීමට උත්සාහ කළහොත්, ඌ පිස්සු වැටී ඔබේ මූසික කර්සරය පසුපස හඹා එනු ඇත.
ඩවුන්ලෝඩ් කර එක්ස්ට්‍රැට් කරගත් ෆෝල්ඩරයේ ඇසෙට්ස් (Assets) ෆෝල්ඩරය සංස්කරණය කිරීමෙන් ඔබගේ ඩෙස්ක්ටොප් එකේ පෙන්වන පණිවිඩ, පින්තූර සහ පාත්තයාගේ ශබ්දය වෙනස් කරයගත හැකිය. ඩෙස්ක්ටොප් ගූස් විනෝදජනක වන නමුත් ඔබේ පරිගණකයේ ඇති තොරතුරු හා වැඩසටහන් සඳහා කිසිදු හානියක් සිදු නොවේ. ඩෙස්ක්ටොප් ගූස් නැවැත්වීම සදහා වින්ඩෝස් ටාස්ක් මැනේජර් (Task Manager) භාවිතා කරන්න. තවද වින්ඩෝස් ටාස්ක් ෂෙඩියුලර් (Task Scheduler) භාවිතා කර ඔබට අවශ්‍ය වේලාවට ඩෙස්ක්ටොප් ගූස් රන් කරවිය හැකිය. ජය.
4.2 MB

ඩෙස්ක්ටොප් එක පිස්සන් මඩුවක් කර යාළුවන්ව අන්දමු

ඩුබොක්ස් (Dubox) වෙබ් අඩවිය හරහා ඔබේ ලිපිගොනු, පිංතූර, වීඩියෝ සහ තවත් ලට්ට පට්ට ගබඩා කරන්න ටෙරා බයිට් එකක (1 TB) ක්ලවුඩ් ස්ටෝරේජ් එකක් ලැබෙනවා. මෙතන ක්ලික් කරලා වෙබ් අඩවියට ගිහින් සාමාන්‍ය අයුරින් එකවුන්ට් එකක් හදන්න. මෙහි භාවිතය පහසුව සඳහා ඇන්ඩ්‍රොයිඩ්, අයිෆෝන් සඳහා වෙනම ඇප්ස් නිර්මාණය කරලා තියෙනවා. එහෙනම් ඉක්මන් කරන්න. ජය.

ටෙරා බයිට් එකක ක්ලවුඩ් ස්ටෝරේජ් එකක් දෙන වෙබ් අඩවියක්


ස්ටාර් වෝර්ස් අලුත්ම ගේම් එක නොමිලේ - STAR WARS™ Battlefront™ II

රොහෝස් මිනි ඩ්‍රයිව් සොෆ්ට්වෙයා එකෙන් ඕනෑම යූ එස් බී ඩ්‍රයිව් එකක ආරක්ෂිත පාර්ටිෂන් එකක් නිර්මාණය කර ගැනීමට පුලුවන්. එමෙන්ම ඒ සඳහා මුරපදයක් යොදා ආරක්ෂා කල හැකිය. මෙම ආරක්ෂිත පාර්ටිෂන් එක සඳහා ඔබට අවශ්‍ය අයුරින් ධාරිතාවය තීරණය කර වැදගත් තොරතුරු සුරක්ෂිතව ගබඩා කිරීමට එය භාවිතා කළ හැකි අතර ඉතිරි කොටස නිදහසේ භාවිතා කල හැකිය.
යොදන ලද පාස්වර්ඩ් මඟින් ආරක්ෂිත පාර්ටිෂන් එකට ප්‍රවේශ වී, සාමාන්‍ය අයුරින් වින්ඩෝස් එක්ස්ප්ලෝරර් සමඟ ඔබේ ගොනු කළමනාකරණය කළ හැකිය. එමෙන්ම යූ එස් බී ඩ්‍රයිව් එක පරිගණකයක් හා සම්බන්ධ කරන සෑම විටම ආරක්ෂිත පාර්ටිෂන් එකට ප්‍රවේශ වීම සඳහා පාස්වර්ඩ් අවශ්‍ය වේ. තවද එම ආරක්ෂිත පාර්ටිෂන් එක භාවිතා කිරීමට අදාල පරිගණකයේ රොහෝස් මිනි ඩ්‍රයිව් සොෆ්ට්වෙයා එක ඉන්ස්ට්‍රෝල් කර තිබීම අනිවාර්ය නොවේ. එහෙනම් දැන්ම බාගෙන ඔබේ වැදගත් තොරතුරු සුරක්ෂිතව ගබඩා කරන්න. ජය.

යූ එස් බී ඩ්‍රයිව් එකේ වැදගත් ෆයිල් පාස්වර්ඩ් යොදා ආරක්ෂා කරන්න - Rohos Mini Drive

නිර්මාණශීලීව සිතමු - The Creative Thinker’s Toolkit

අපි කැමතිම ටී වී සෙරීස් තොගයකට හිමිකම් කියන නෙට්ෆ්ලික්ස් වෙබ් අඩවියේ බොහෝ දෙනෙක් නොදන්නා පැතිකඩක් ගැනයි අද කියන්න යන්නේ. කාලයෙන් කාලයට එම වෙබ් අඩවිය මඟින් ටී වී සෙරීස් නොමිලේ බැලීමේ පහසුකම් සපයනවා. මේ සඳහා නෙට්ෆ්ලික්ස් වෙබ් අඩවියේ රෙජිස්ටර් වීමක්, ඊ-මේල් ලිපින ලබා දීමක් වැනි අවශ්‍යතා කිසිවක් සම්පූර්ණ කල යුතු වන්නේ නැහැ. මෙහි පල කර ඇති ලින්ක් එකෙන් ගිහිල්ලා අවශ්‍ය වීඩියෝ ඒ් මොහොතේම නරඹන්න පුලුවන්. මෙම නොමිලේ දෙන ලිස්ට් එක කාලයෙන් කාලයට වෙනස් වන නිසා ඔබ කැමති ටී වී සෙරීස් එම කාලය ඇතුලතම නරඹන්න. එහෙම නැතිනම් ඔබේ නෙට්ෆ්ලික්ස් ගිණුමට ඩවුන්ලෝඩ් කරගන්න. එහෙනම් නෙට්ෆ්ලික්ස් නොමිලේ බලන්න මෙතනින් යන්න. ජය.

නෙට්ෆ්ලික්ස් නොමිලේ බලමු - Watch Netflix For Free

කැලිබ්‍රේ මඟින් සියළුම ජනප්‍රිය විද්‍යුත් පොත් ආකෘති සඳහා සහය දක්වන අතර කින්ඩල්, සෝනි රීඩර්, නූක් සහ තවත් බොහෝ ජනප්‍රිය උපාංග සමඟ ඊ-පොත් කියවීම සඳහා මෙම වැඩසටහන පුළුල් සහයෝගයක් ලබා දෙයි. ඔබේ මෙහෙයුම් පද්ධතිය අනුව බිට් 32, බිට් 64 සහ පෝර්ටබල් සංස්කරණ අතරින් අවශ්‍ය සංස්කරණය තෝරාගන්න පුලුවන්. එහෙනම් බාගන්න. ජය.

ඊ-පොත් එකතුව කළමනාකරණය කරමු - Calibre

වයි-ෆයි පාස්වර්ඩ් උස්සමු - Wireless Key View


ජුරාසික් ලෝකය අත්විදින්න සුපිරිම ගේම් එකක් - Jurassic World Evolution


අමතක වන දේවල් මතක් කරගන්න - Todo Reminder Pro + Widget

CPA (Call Per Action) වෙබ් අඩවි සහ එමඟින් මුදල් උපයන ආකාරය ගැන මීට පෙරත් අපි සිංහලෙන් සොෆ්ට් හරහා කතා කලා ඔබට මතක ඇති. ඉන්ස්ටග්‍රෑම් සී පී ඒ් අල්ටිමේට් (Instagram CPA Ultimate) ඊ-බුක් එකෙන් ඉන්ස්ටග්‍රෑම් හරහා සී පී ඒ් ඔෆර් එකක් සාර්ථකව ප්‍රචාරණය කරන්නේ කොහොමද කියලා විස්තර කරනවා. ඒ් වගේම මේ ක්‍රමවේදය භාවිතා කිරීමට සාමාන්‍ය පරිගණක දැනුමක් ප්‍රමාණවත්. එහෙනම් බාගෙන උත්සාහ කරලා බලන්න. ජය.
5.5 MB

ඉන්ස්ටග්‍රෑම් එක්ක සී පී ඒ් (CPA) වලින් ගොඩයමු

Snipback - Lifehacker smart voice recorder PRO HD කියන්නේ ඔබේ ෆෝන් එකේ ඇති සාමාන්‍ය වොයිස් රෙකෝඩරයට වඩා වැඩකිඩ තියෙන වොයිස් එක එච් ඩී කොලිටියෙන් රෙකෝඩ් කරගත හැකි වොයිස් රෙකෝඩරයක්. සාමාන්‍යයෙන් මේ ඇප් එක ගූගල් ප්ලේ ස්ටෝරුවේ රු.499ක් වන අතර ඉතාමත් කෙටි කාලයකට එය නොමිලේ බාගන්න පුලුවන්. එහෙනම් ඉක්මන් කරලා බාගන්න. ජය.