සිංදුවක් අහමින් ෆන් එකේ වැඩ කරන්න අපි කවුරුත් කැමතියි.ඒත් සිංදුව ප්ලේ කරමින් වෙනත් වැඩක් කරන විට පරිගනකය ස්ටක් වීම ගොඩක් අයට ගැටලුවක් වෙනවා.විශේෂයෙන්ම ග්‍රැෆික් වැඩක්,ගේම් එකක් ප්ලේ කරනකොට වගේ රැම් මතකය වැඩියෙන් බාවිතා වන වැඩ වලදී ඔබත් මේ ගැටලුවට මුහුන දීල ඇති.ඊට පස්සෙ ටාස්ක් මැනේජරයා ඕපන් කරගෙන එන්ඩ් ටාස්ක් කරන්න තටමන්න වෙනවා.එතකොට නටපු නැටුමකුත් නෑ බෙරේ පලුවකුත් නෑ.
ඉතිං මේකට හොද විසදුමක් තමා වින්ඈම්ප් ලයිට් ප්ලේයර් එක.වින්ඩෝස් මීඩියා ප්ලේයර්,ජෙට් ඕඩියෝ වගේම වින්ඈම්ප් සාමාන්‍ය ප්ලේයරයට වඩා අඩු රැම් ප්‍රමානයක් මේ සොෆ්ටුවෙන් බාවිතා කරනවා.ඒක නිසා ස්ටක් වීමක් නැතුව සිංදු අහන්න පුලුවන්.ඒ වගේම වින් ඈම්ප් සාමාන්‍ය ප්ලේයරහි වගේම ගොඩක් ඔප්ෂන් මෙහි අන්තර් ගත කරලා තිබෙනවා.තවත් කියනවනම් සංගීතයෙහි ගුණාත්මක භාවය ඒ අයුරින්ම ආරක්ෂා කර ගනිමින් සිංදුවක් අහන්නත් වින්ඈම්ප් ලයිට් ප්ලේයර් ගින්දර බාන්ඩේ.එහෙනම් බාගෙනම බලන්නකෝ.
3.8MB
![]() |
LINK 1 |
![]() |
LINK 2 |
No comments:
Post a Comment
ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.