
ඔන්න සිංහලෙන් සොෆ්ට්වෙයා, වෙබ් පොත ඩොට් කොම් වුනා. ඉතිං අලුත් ඩොමේන් එකකුත් එක්ක අලුත් විදියකට ටිකක් වෙනස් වෙන්නයි හදන්නේ. දැනට මේ බ්ලොග් එකේ ලිපි 120කට වඩා තියෙනවා. ඒ කියන්නේ ඔයාලට බා ගන්න මෘදුකාංග තොගයක්ම මේ බ්ලොග් එකේ තියෙනවා. ඒත් හැමෝම වගේ කාලයේ තාලයට වෙනස් වෙන්න කල්පනා කොලා. අලුතෙන් එන බොහෝ මෘදුකාංග එන්නේ ක්ලවුඩ් ක්‍රමේට. ඒ කියන්නේ අදාල මෘදුකාංගය බා ගැනීමකින් සහ ඉන්ස්ට්‍රෝල් කිරීමකින් තොරව කෙලින්ම අදාල වෙබ් අඩවිය තුලට ඇතුල් වී අදාල මෘදුකාංගයෙන් ප්‍රයෝජන ගන්න පුලුවන්. බ්ලොග් එකේ වෙනස් වීමට ඊළග හේතුව තමා මීට ඉහත දුන් මෘදුකාංග වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියට පමණක් සීමා වීම. ලිනක්ස්, මැක් ඕ එස්, ඇන්ඩ්‍රොයිඩ්, ඇපල් අයි ඕ එස් ඇතුලු නේක විධි මෙහෙයුම් පද්ධති සදහා ගැලපෙන ලෙසයි මේ ක්ලවුඩ් සේවා මෘදුකාංග සකස් කරන්නේ. ඒ වගේම බා ගත කිරීමක් අවශ්‍ය නොවන නිසා වැඩි ඩේටා ප්‍රමාණයක් වැය නොකර තමන්ට අවශ්‍ය කටයුක්ක සිදු කර ගන්න පුලුවන්.
හා හා පුරා කියලා දෙන්නේ ලස්සන ෆ්ලෑෂ් බැනර් ලේසියෙන් හදා ගන්න පුලුවන් වෙබ් අඩවියක් ගැන විස්තර. ඉස්සරලාම බලන්නකෝ මේ තියෙන ෆ්ලෑෂ් වැඩ කෑලි ටික දිහා.
ගින්දර නේද? වෙබ් අඩවියේ නම තමා ෆ්ලෑෂ් වොටෙක්ස් (flashvortex.com)වෙබ් අඩවියට මෙතනින් යන්න. වෙබ් අඩවි, බ්ලොග් අඩවි අයිතිකාරයන්ට බැනර් හදා ගන්න, තමන් කැමති ස්ටයිල් එකකට ස්ක්‍රීන් සර්වර් එකක් හදා ගන්න, ඊ-මේල් එකකට ඇටෑච් කරලා සුබ පැතුමක් යවන්න එහෙම සුපිරි ටෙම්ප්ලේට්ටු ටිකක් තියෙනවා. ෆ්ලෑෂ් මෙනූස්, බැනර්, බට්න් වගේම ඔරලෝසු සකස් කර ගන්න පුලුවන්. අදාල ටෙම්ප්ලේට්ටුව තෝර ගත්තාම ඒක කස්ටමයිස් කර ගන්න වෙබ් පිටුවක් එනවා. වෙනස් කම් ටික කරලා ජෙනරේට් ඇනිමේෂන් දුන්නාම අපිට ඔප්ෂන්ස් 3ක් හම්බෙනවා.
1) අදාල ෆයිලයේ ජාවා ස්ක්රිස්ට් එක
2) එස් ඩබ්ලිව් එෆ්(SWF) ඩවුන්ලෝඩ් ෆයිලය
3)අදාල ෆයිලයේ එච් ටී එම් එල්(HTML) කෝඩ් එක
අවශ්‍යනම් මුදලක් ගෙවලා සයිඩ් එකෙන් තියෙන ෆ්ලෑෂ් වොටෙක්ස් ඇඩ් එක අයින් කරන්නත් පුලුවන්. එහෙනම් වැඩේ ටැස් කොරලාම බලන්න. ඔබට ජය.
No comments:
Post a Comment
ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.