
ඔන්න ෆයිවර් කරන අයට සුබ ආරංචියක් ගෙනාවා. ආරංචියෙ වටිනාකම උඩ දාල තියෙනව ඔන්න. ෆයිවර්ලා යූ ටියුබ් වල ඇඩ් දාන්න පට්ට වීඩියෝවක් නිරිමාණය කර ගන්න අවශ්‍ය වෙලා තියෙනවා. ඒක ලබා ගන්නේ ෆයිවරේ වැඩ කරන අපෙන්ම තමා. දිනපු එක්කනාට ඩොලර් 500ක තෑගි.
ඉතිං කොහොමෙයි මේක වෙන්නේ?
1) අයදුම්කරුවා හෝ අයදුම්කාරිය අවු.18ට වැඩි විය යුතුය.
2) වීඩියෝව තත්පර 24-90 අතර විය යුතුය.
3) පික්සෙල් 720ට හෝ ඊට වඩා හොද තත්වයේ තිබිය යුතුය.
4) පෞද්ගලික ලිංකු ඇතුලත් කළ නොහැක.
5) මෙම මස 18 (20014-08-18) වන දින හෝ ඊට පෙර වීඩියෝව ලබා දිය යුතුය.
මූලික වශයෙන් මේ ටික තමා. තමන්ට හැකි ආකාරයට ස්ටොප් මෝෂන්, ටෙස්ටමෝනියල්, ඇනිමේෂන් මේ ඕන එකක් පුලුවන් ඈ. තව ඇති තරම් වීඩියෝ ඉදිරිපත් කරන්නත් පුලුවන්. එහෙන්ම් උත්සාහ කරන්න. ඔබට ජය.
මෙතනින් ගොස් ඔබ නිර්මාණය කළ වීඩියෝව සබ්මිට් කර තරගයට ඇතුලත් වන්න.
No comments:
Post a Comment
ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.