
දිගට දිගේ කොටපු බෝරිං ටෙක්ස්ට් එකකට වඩා ඇනිමේටඩ් එක්ස්ප්ලේයිනර් වීඩියෝ කියන දේ අද බොහෝම ජනප්‍රියයි. ඒ වගේම ඡේද ගනන් පිටු ගනන් ලියන දේවල් මේ එක්ස්ප්ලේයිනර් වීඩියෝ ඇනිමේෂන් හරහා සරලව විනාඩි කිහිපයකින් කියන්න පුලුවන්. ඔන්ලයින් මාර්කටර්ලා වැඩි වශයෙන් වීඩියෝ මාර්කටිං වලට පෙලඹිලා තියෙනවා. මේකට හොදම උදාහරණය, ෆේස්බුක් සමාජ ජාලය. මීට වසරකට ඉහතදි අපි එෆ් බී වෝල් එකට ගියාම වැඩි වශයෙන් දකින්න ලැබුණේ ෆොටෝ. නමුත් වර්තමානය වන විට ඒ වෙනුවට වෝල් එකේ වැඩියෙන් තියෙන්නේ වීඩියෝ සහ ඇනිමේටඩ් ගිෆ් තත්වයට පත් කරලා තියෙන වීඩියෝ.
අවුට්ලයින් එක්ස්ප්ලේයිනර් ටූල් කිට් කියන්නේ ඇඩෝබි ආෆ්ටර් ඉෆෙක්ට්ස් හරහා ලස්සන ඇනිමේෂන් වීඩියෝස් නිර්මාණය කළ හැකි සුපිරි ටෙම්ප්ලේට් එකක්. මේක තලලා පොඩි කරලා තමන්ට අවශ්‍ය විදිහට එඩිට් කරලා ගන්න විදිහ පහල බාගන්න තියෙන ෆයිල් එක ඇතුලෙම තියෙනවා. එහෙනම් බාගන්න. ඔබට ජය.
සාම්පල් වීඩියෝව
82.2 MB
This comment has been removed by the author.
ReplyDelete