
වර්තමානයේ බොහෝ ආයතන වල එම් එස් වර්ඩ් ෆයිල් වලට වඩා, පී ඩී එෆ් ෆයිල් භාවිතා වෙනවා. ලෝකයම පිලිගත් ලිපි ෆෝමැට්ටුවක් වීමත්, ලේසියෙන් ඕනෑම ඩිවයිස් එකක භාවිත කල හැකි වීමත් ඊට ප්‍රධාන හේතුවක්. ඉතිං භාවිතය වැඩි වීමත් සමඟම මේ පී ඩී එෆ් ෆයිල්ස් වල අඩංගු දත්ත හොරා ගැනීමත් යහමින් ප්‍රචලිත වුනා. මේ දීල තියෙන පී ඩී එෆ් ඇන්ටි කොපි(PDF Anti-Copy) මෘදුකාංගය හරහා ඔබට, තත්පර කීපයකින් කොපි කරන්න බැරි පී ඩී එෆ් ෆයිල් එකක් නිර්මාණය කරගන්න පුලුවන්. ආයතනයේ රහසිගත දත්ත රැකගන්න, බුද්ධිමය දේපල ආරක්ෂා කරගන්න, වංචා දුෂන අවම කරගන්න, මෙම ක්‍රමය බොහොම ප්‍රයෝජනවත් වනවා. මෙම මෘදුකාංගය හරහා පී ඩී එෆ් ෆයිල් කොපි කරන්න බැරි විදියට කන්වර්ට් කිරීමට වෙනම පාස්වර්ඩ් අවශ්‍ය වන්නේ නෑ. ඒවගේම පී ඩී එෆ් ෆයිල් එම් එස් වර්ඩ්, එක්සෙල්, ටෙක්ස්ට් ෆෝමැට්ටු වලට කන්වර්ට් කරගැනීමට භාවිතා කරන්නත් පුලුවන්. තව ප්‍රින්ට් අවුට් ගන්න බැරි වෙන්න ලොක් කරන්නත් පුලුවන්. එහෙනම් බාගන්න. ඔබට ජය.
18.4 MB
No comments:
Post a Comment
ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.